දේශාටනයේ යෙදුණු පාහියන් භික්ෂුව ලංකාව ගැන ලියයි
උතුරු දිග චීනයේ ෂාංහයි ජනපදයේ එක්තරා ගොවිපවුලකට පිරිමි දරුවන් සතර දෙනෙකු විය. යොවුන් වියට පත්වෙද්දී මෙකී දරුවන්ගෙන් වැඩිමහල් තිදෙනා අකාලයේ මියඇදුනෝය. මෙයින් මහත්සේ බියට පත්වූ දෙමව්පියන් “කුං ශේ” බුදුසසුනට පුජා කළෝය. කුං ශේ ගේ පැවිදි නම වූයේ පාහියන් ය. පාහියන් යන්නේහි අර්ථය ධර්මය බබලවන්නා යන්නයි.නාමයට ගැලපෙන පරිද්දෙන්ම උන් වහන්සේ සාමනේර අවධිය පටන්ම අතිමහත් චිත්ත ධෛර්යයකින් …